කිසිවිටෙකත් 3D Models විකිණිය යුතු නැති marketplaces

මෙය ඇත්තටම හොඳින් සිතා බැලිය යුතු දෙයකි. අන්තර්ජාලයේ ඔබේ 3D Models විකිණිය යුතු නැති වෙබ් අඩවි කිහිපයක් තිබෙනවා. සමහර අයට මෙම වෙබ් අඩවි වල වරදක් නොපෙනුනත් මාගේ අත්දැකීම් අනුව නම් එසේ නොවන බව කිව යුතුයි. මෙම marketplaces අතරින් ඉදිරියෙන්ම සිටින්නේ පහත වෙබ් අඩවි දෙකයි.

අඩු royalty rate සහිත marketplaces අතහැර දමන්න

මම මගේ පෙර ලිපියෙන් කිව්ව පරිදි කුමන හෝ markatplace එකක exclusive ලෙස 3D Models විකුනනවානම් එය ඔබට පාඩු ගෙන දෙන්නකි. නමුත් ඔබ  non-exclusive නම් ඕනෑම marketplaces එකක ඔබේ 3D Models විකුනන්න පුළුවන්. අඩු royalty rate සහිත marketplaces වල 3D Models විකිණීමෙන් කිසිම පාඩුවක් සිදුවෙන්නේ නැතැයි ඔබට තර්ක කල හැක.

උදාහරණයක් වශයෙන් අපි ගමු 3Docean marketplace එක. මෙහි royalty rate එක 33%කි. ඔබ මෙවැනි marketplaces වල 3D Models විකිණීමේදී සිදුවන්නේ එම marketplaces වලට තව තවත් customers ලා ඇදගැනීම පමණකි. මෙයින් සිදුවන්නේ දැනට අඩු ප්‍රසිද්ධියක් ලබා සිටින එහෙමත් නැත්නම් alexa rank එකෙන් වැඩි marketplaces තව තවත් ප්‍රසිද්ධ වීමයි. rank  එකෙන් තව තවත් ඉදිරියට ඒමයි. සමහර විට royalty rate වැඩියෙන් දෙන marketplaces අභිබවා යාමටද පුළුවන්.

උදාහරණයක් වශයෙන් 2016 වසරේදී 20000ක alexa rank එක තිබුණු 40% royalty rate එකක් සහිත ABC marketplace එක සහ ඊට වඩා ප්‍රසිද්ධ 10000ක alexa rank එක තිබුණු 70% royalty rate එකක් සහිත XYZ marketplace දෙක ගනිමු.

ABC marketplace එකේ $100 යේ 3D Model එකක් 4 වතාවක් හා එම 3D Model එකම XYZ  හි 8 වතාවක් විකුණා තිබුනේ යයි සලකමු. එවිට ඔබට ලැබෙන මුදල පහත පරිදි වේ.

ABC : ($100*4)*40/100 = $160
XYZ : ($100*8)*70/100 = $560

තව තවත් 3D Models publish කිරීම නිසා 2017 වසරේදී ක්‍රමක්‍රමයෙන් ABC marketplace හි alexa rank එක XYZ හි ගානටම එහෙමත් නැත්නම් 10000 ක් වූවා යයි සලකමු. දැන් ABC හි අපේක්ෂිත විකිණුම් සංඛ්‍යාවද 8 ක් ලෙස සලකමු. එවිට ඔබට ලැබෙන මුදල පහත පරිදි වේ.

ABC : ($100*8)*40/100 = $320
XYZ : ($100*8)*70/100 = $560

බැලූ බැල්මට ඔබට පාඩුවක් සිදුවී නොමැත. නමුත් ඔබ සහ තවත් නිර්මාණකරුවන් ABC marketplace එකේ 3D Models publish නොකර XYZ හි publish කරා යයි සිතමු.  මෙවිට සිදුවන්නේ XYZ marketplace එක තව තවත් ප්‍රසිද්ධ වී ABC හි customers ලා XYZ වෙත ලඟා කරගැනීමයි.

එවිට ($100*16)*70/100 = $1120 හෝ ඊට වැඩියෙන් ලබා ගන්න පුළුවන්. එනිසා පුළුවන් තරම් කල යුත්තේ අඩු royalty rate සහිත marketplaces අතහැර වැඩි royalty rate සහිත marketplaces promote කර දැමීමයි.

මෙවැනි marketplace එකක් ලෙස 3Docean දැක්විය හැක. 33% ක royalty rate එකක් කියන්නේ කියන්නේ විහිළුවකි. ඔබ කිසිවිටෙකත් ඔබ බොහෝ කාලය වැය කර සාදා නිර්මාණය කල 3D Models, 33% ක royalty rate (non-exclusive) දෙන marketplace එකක publish කල යුතු නැති බව මාගේ හැඟීමයි.

Sellers ලා පිළිබඳව වැඩි සැලකීමක් නොදක්වන marketplaces 

මීළඟ maketplace එක ලෙස Cgstudio හැඳින්විය හැක. මෙය 2017 වසරේදී Turbosquid සමාගම විසින් අත්පත් කර ගන්නා ලද්දකි. මෙය අනෙකුත් marketplaces වලට වඩා alexa rank එක බොහෝ වැඩි marketplace එකකි. තවත් විදියකින් කිවහොත් අනෙක් marketplaces තරම් ප්‍රසිද්ධ නැති marketplace එකකි. non-exclusive members ලට 40%ක royalty rate එකක් දෙන මෙය කිසිවිටෙකත් ඔබේ 3D Models publish කර ප්‍රසිද්ධ කල යුතු නැත.

මෙම marketplace එකේ තිබෙන මීළඟ වරද නම් sellers ලට එතරම් සැලකිල්ලක් නොදැක්වීමයි. Cgstudio සමාගම සමග මාගේ අත්දැකීම් නම් සතුටුදායක නොවන බව කිව යුතුය.

Turbosquid සමාගමේද non-exclusive members ලට 40% ක royalty rate එකක් දෙනවා කියා ඔබට තර්ක කල හැක. නමුත් දැනට online marketplaces වලින් ඉදිරියෙන්ම සිටින නිසා එහෙමත් නැත්නම් අඩුවෙන්ම alexa rank එක තිබෙන 3D marketplace එක නිසා මෙහි 3D Models publish කිරීමේ වරදක් නොමැති බව කියන්න ඕන. නමුත් මෙය කාලයත් සමග වෙනස් විය හැකි බව සලකන්න.

මම CGTrader හා Turbosquid යන marketplaces දෙකේම 3D Models විකුණන අතර CGTrader හි අඩු විකිණුම් සහිතව එත් royalty එක වැඩි නිසා හා Turbosquid හි වැඩි විකිනුම් ගණනක් සහිතව එත් royalty එක අඩු නිසා ලැබෙන්නේ එක සමාන මුදලක්.

මම ඉහතින් දක්වා ඇත්තේ මාගේ අත්දැකීම් අනුව 3D Models කිසිම විටෙකත් publish නොකළ යුතු marketplaces ය. නමුත් මෙම කරුණු වෙනත් අයගේ අත්දැකීම් අනුව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

Comments