3D Models අන්තර්ජාලයේ විකිනීමට පෙර ඔබ දැනගතු යුතු දේවල්
ඔබ ත්‍රිමාන ආකෘති නිර්මාණය එහෙමත් නැත්නම් 3D Modeling පිලිබඳ යම් අත්දැකීම් ඇති පුද්ගලයෙක් නම් අන්තර්ජාලයේ 3D Models විකිණීම පිලිබඳ අමුතුවෙන් කියන්න ඕනේ නැනේ . සමහර 3D Artist ලා මෙය අමතර ආදායම් මාර්ගයක් ලෙස කලත් සමහරු මෙය තමන්ගේ ප්‍රධාන ආධායම් මාර්ගය ලෙස සිදු කරනවා. ඔබත් අන්තර්ජාලයේ 3D Models විකිනීමට බලාපොරොත්තු වෙනවා නම් ඊට පෙර දැනගත යුතු කරුණු කිහිපයක් මම අද ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා.
කෙසේ නමුත් පළමුවෙන්ම කියන්න ඕනේ ඔබ විශිෂ්ඨ ඝනයේ 3D Artist කෙනෙක් වුනත් මෙය ලෙහෙසි පහසු දෙයක් නොවන බව. ඔබ තවමත් 3D Modeling හි ආධුනිකයෙක් නම් යම් තරමකට දැනුම ලබා ගැනීමට විශාල කාලයක් වැය කල යුතු වෙනවා. එවැනි ආධුනිකයෙක් මෙම ලිපිය කියවනවා නම මම කියන්න ඕන පළමුවෙන්ම 3D Modeling හි යම් දැනුමක් එහෙමත් නැත්නම් 3D object එකක් design කරලා ඒක render කර output image එකක්වත් ලබා ගත හැකි තරමේ දැනුමක් ඔබට තියෙන්න ඕනේ කියලා.
මෙම ලිපියෙන් මම ඔබට කියන්නේ යන්නේ තරමක් සංකීර්ණ ක්‍රමයක් වන තමාගේම වෙබ් අඩවියක් නිර්මාණය කර එහි 3D Models විකිණීම ගැන නම් නොවේ. මීට වඩා ලෙහෙසි ක්‍රමයක් වන online marketplaces වල 3D Models විකිණීම ගැනයි.
උදා:- ඔබ 60% ක royalties දෙන සමාගමක $100 ක model එකක් වික්කොත් එම සමාගමට $40කුත් ඔබට $60 කුත් ලැබෙයි.
ඉහතින් දක්වා ඇති සමාගම් වලින් කිහිපයක් එක් Subject එකකටම අවේනික වූ 3D Models විකුණන සමාගම්ය. උදාහරණයක් වශයෙන් Shapeways සමාගමේ විකුණන්නේ 3D printing වලට සුදුසු වර්ගයේ 3D Models ය.
එක් සමාගමකට විතරක් සීමා වෙලා 3D Models විකුනද්දී ඉහල royalty rate සමග තව වරප්‍රසාද ලැබුනත් මම නම් එය අනුමත කරන්නේ නෑ. ඉහල royalty rate හා තව වරප්‍රසාද සමග උපයන මුදලට වඩා වැඩි මුදලක් සමාගම් කිහිපයක 3D Models විකිණීම මගින් උපයන්න පුළුවන්. ඒක හින්දා මම නම් කියන්නේ එක් සමාගමකට විතරක් සිමා නොවී සමාගම් කිහිපයක ඔබේ 3D Models විකුණන්න කියලයි.
Exclusive හො Non-Exclusive ද යන්න වග තෝරා ගත පසුව කල යුත්තේ ප්‍රසිද්ධම සහ ලාභදායිකම සමාගම හෝ සමාගම් කිහිපය තෝරා ගැනීමයි. ප්‍රසිද්ධම සමාගම තෝරාගන්න පුළුවන් Alexa rank එකෙන්. මෙය 100% සාර්ථක ක්‍රමයක් නොවුනත් යම් තරමකට අවබෝධයක් ලබා ගත හැකි ක්‍රමයක් බව මාගේ හැඟීමයි.
මෙතනින් Alexa වෙබ් අඩවියට පිවිසෙන්න Alexa.com
මෙතනින් Alexa rank එක බලන්න www.alexa.com/siteinfo
මෙයින් rank එක අඩුවෙන්ම තියෙන වෙබ් අඩවි තමා ඔබ තෝරා ගත යුත්තේ.
අනෙක තමා non-exclusive membership එක. මෙහි royalty rate එක 40%. මෙහිදී ඔබට ඔබේ 3D Models අනෙක් marketplaces වලත් විකුනන්න පුළුවන්.
මම කලින් කිව්වා වගේ මම නම් තෝරා ගන්න කියන්නේ non-exclusive membership එක. මොකද exclusive membership එකේ 60% ලබාගෙන උපයන මුදලට වඩා වැඩි මුදලක් හොයන්න පුළුවන් අනෙක් marketplaces වලත් 3D Models විකිණීමෙන්.
කෙසේ නමුත් පළමුවෙන්ම කියන්න ඕනේ ඔබ විශිෂ්ඨ ඝනයේ 3D Artist කෙනෙක් වුනත් මෙය ලෙහෙසි පහසු දෙයක් නොවන බව. ඔබ තවමත් 3D Modeling හි ආධුනිකයෙක් නම් යම් තරමකට දැනුම ලබා ගැනීමට විශාල කාලයක් වැය කල යුතු වෙනවා. එවැනි ආධුනිකයෙක් මෙම ලිපිය කියවනවා නම මම කියන්න ඕන පළමුවෙන්ම 3D Modeling හි යම් දැනුමක් එහෙමත් නැත්නම් 3D object එකක් design කරලා ඒක render කර output image එකක්වත් ලබා ගත හැකි තරමේ දැනුමක් ඔබට තියෙන්න ඕනේ කියලා.
මෙම ලිපියෙන් මම ඔබට කියන්නේ යන්නේ තරමක් සංකීර්ණ ක්‍රමයක් වන තමාගේම වෙබ් අඩවියක් නිර්මාණය කර එහි 3D Models විකිණීම ගැන නම් නොවේ. මීට වඩා ලෙහෙසි ක්‍රමයක් වන online marketplaces වල 3D Models විකිණීම ගැනයි.
කොහොමද මුදල් උපයන්නේ
කෙටියෙන් කියනවානම් online marketplace එකක ඔබ 3D Model එකක් publish කර තිබෙන විට customer කෙනෙක් එය මිලට ගත්තොත් සමාගමට සම්පුර්ණ මුදලින් කොටසකුත් ඔබට ඉතිරි කොටසත් ලැබෙයි. මෙම ලැබෙන කොටස (royalty rate) සමාගමින් සමාගමට වෙනස් වෙයි.උදා:- ඔබ 60% ක royalties දෙන සමාගමක $100 ක model එකක් වික්කොත් එම සමාගමට $40කුත් ඔබට $60 කුත් ලැබෙයි.
3D Models විකිණිය හැකි Online Marketplaces
3D Models විකිණිය හැකි marketplaces එහෙමත් නැත්නම් සමාගම් කිහිපයක් තිබෙනවා. මෙයින් සමහරක් ඔබ දැනටමත් දන්නවා වෙන්න පුළුවන්. මම පහතින් දක්වා තිබෙන්නේ ඉන් කිහිපයක් ගැනයි.- Turbosquid
- CGTrader
- 3DExport
- Highend3D
- Unrealengine Marketplace https://www.unrealengine.com/marketplace
- Unity Assets Store https://www.assetstore.unity3d.com/en/
- Shapeways
- Sculpteo
- Renderosity
- Daz3D
- 3Docean (Not Recommended) https://3docean.net/
- CGStudio (Not Recommended)
ඉහතින් දක්වා ඇති සමාගම් වලින් කිහිපයක් එක් Subject එකකටම අවේනික වූ 3D Models විකුණන සමාගම්ය. උදාහරණයක් වශයෙන් Shapeways සමාගමේ විකුණන්නේ 3D printing වලට සුදුසු වර්ගයේ 3D Models ය.
කුමන සමාගමක්ද/සමාගම්ද තෝරා ගත යුත්තේ?
දැන් අපි බලමු ඔබට සුදුසු සමාගමක්/සමාගම් තෝරාගන්නේ කොහොමද කියලා. පළමුව ඔබ හිතන්න ඕනේ ඔබ එක් සමාගමක් පමණක් (Exclusive) තෝරා ගන්නවාද එහෙමත් නැත්නම් සමාගම් කිහිපයක (Non-Exclusive) 3D Models විකුනනවාද කියල.එක් සමාගමකට විතරක් සීමා වෙලා 3D Models විකුනද්දී ඉහල royalty rate සමග තව වරප්‍රසාද ලැබුනත් මම නම් එය අනුමත කරන්නේ නෑ. ඉහල royalty rate හා තව වරප්‍රසාද සමග උපයන මුදලට වඩා වැඩි මුදලක් සමාගම් කිහිපයක 3D Models විකිණීම මගින් උපයන්න පුළුවන්. ඒක හින්දා මම නම් කියන්නේ එක් සමාගමකට විතරක් සිමා නොවී සමාගම් කිහිපයක ඔබේ 3D Models විකුණන්න කියලයි.
Exclusive හො Non-Exclusive ද යන්න වග තෝරා ගත පසුව කල යුත්තේ ප්‍රසිද්ධම සහ ලාභදායිකම සමාගම හෝ සමාගම් කිහිපය තෝරා ගැනීමයි. ප්‍රසිද්ධම සමාගම තෝරාගන්න පුළුවන් Alexa rank එකෙන්. මෙය 100% සාර්ථක ක්‍රමයක් නොවුනත් යම් තරමකට අවබෝධයක් ලබා ගත හැකි ක්‍රමයක් බව මාගේ හැඟීමයි.
මෙතනින් Alexa වෙබ් අඩවියට පිවිසෙන්න Alexa.com
මෙතනින් Alexa rank එක බලන්න www.alexa.com/siteinfo
මෙයින් rank එක අඩුවෙන්ම තියෙන වෙබ් අඩවි තමා ඔබ තෝරා ගත යුත්තේ.
හොඳම Royalty Rate තිබෙන online marketplaces.
CGtrader
මාගේ දැනීමේ හැටියට 2017 වර්ෂය වන විට හොඳම royalty rate එක තිබෙන්නේ CGtrader වෙබ් අඩවියෙයි. එය පටන් ගැන්මේදී 70% ක් වුනත් ඔබ 3D Models විකුණමින් ඔබේ artist rank එක ඉහලට යන විට 80% දක්වා royalty rate එකක් ලබා ගන්න පුළුවන්. මෙම වෙබ් අඩවියේ Exclusive artist කියලා membership එකක් නෑ. තවත් විදියකින් කියනවා නම් මෙම වෙබ් අඩවියේ 3D Models විකුනනවානම් මේ සමාගමටම පමණක් සීමා නොවී තවත් සමාගම් වල විකුනන්න පුළුවන්.Turbosquid
මෙහි 3D artist කෙනෙකුට තෝරාගන්න පුළුවන් membership 2ක් තිබෙනවා. එකක් තමයි squid guild (exclusive) membership එක. මේක තේරුවොත් ඔබට අනෙක් වෙබ් අඩවි වල ඔබේ 3D Models විකුනන්න බෑ (යම් යම් කොන්දේසි යටතේ පුළුවන්. උදා:- turbosquid හි publish කල නොහැකි BMW වගේ brands) මෙහි royalty rate එක 60%.අනෙක තමා non-exclusive membership එක. මෙහි royalty rate එක 40%. මෙහිදී ඔබට ඔබේ 3D Models අනෙක් marketplaces වලත් විකුනන්න පුළුවන්.
මම කලින් කිව්වා වගේ මම නම් තෝරා ගන්න කියන්නේ non-exclusive membership එක. මොකද exclusive membership එකේ 60% ලබාගෙන උපයන මුදලට වඩා වැඩි මුදලක් හොයන්න පුළුවන් අනෙක් marketplaces වලත් 3D Models විකිණීමෙන්.
3DExport
මීළඟට 3DExport අඩවිය මම නිර්දේශ කෙරුවත් මින් වැඩි මුදලක් උපයා ගත නොහැක්කේ එතරම් පාරිභෝගිකයක් පිරිසක් මේ marketplaces එකේ ගැවසෙන්නේ නැති හින්දයි. මෙහි non-exclusive membership එකේ royalty rate එක 60% කි.Highend3d
මෙහි royalty rate එක 55% කි. මෙහි tutorials, plugins සහ 3D industry news පවා upload කරන්න පුළුවන්. දැනට Skrill හා Paypal හරහා මුදල් ගෙන්වා ගත හැකි වූවත් ඔබට payoneer හෝ wire transfer හරහා මුදල් ගෙන්වා ගත නොහැක. මෙය දැනට පවතින තත්වය වූවත් ඉදිරියේදී තව payment method එකතු වෙන්න පුළුවන්.
Unrealengine Marketplace
මෙය Unrealengine game engine හි භාවිතා කල හැකි වන පරිදි සකස් කල 3D Models විකිණිය හැකි marketplace එකකි. Royalty rate එක 70% කි.Unity Assets Store
මෙය Unity game engine හි භාවිතා කල හැකි වන පරිදි සකස් කල 3D Models විකිණිය හැකි marketplace එකකි. Royalty rate එක 70% කි.Shapeways
මෙහි ඔබට 3D printing වලට සුදුසු ආකාරයට සකස් කරන ලද 3D Models විකුනන්න පුළුවන්. ඒ වගේම 3D printing වලට සම්බන්ධ බොහෝ සේවාවන් මෙම වෙබ් අඩවියෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
Sculpteo
මෙයද 3D printing විශේෂ 3D Models විකිණිය හැකි වෙබ් අඩවියකි.
Daz3d
මේ marketplace එක character models සඳහා විශේෂ වූ එකකි. මෙය DAZ Studio හා Poser මෘදුකාංග ආශ්‍රයෙන් කරන ලද 3D Models වලට ප්‍රසිද්ධය.
Renderosity
මෙම marketplace එකේද DAZ Studio හා Poser මෘදුකාංග ආශ්‍රයෙන් කරන ලද 3D Models විකුනන්න පුළුවන්.
කිසිවිටෙකත් 3D Models විකිණිය යුතු නැති marketplaces
අන්තර්ජාලයේ 3D Models විකිණිය යුතු නැති marketplaces කිහිපයක් තිබෙනවා.- 3Docean.net https://3docean.net/
- Cgstudio.com https://www.cgstudio.com/
මෙයට ප්‍රධාන හේතුන් ලෙස අඩු royalty rate තවත් කරුණු කාරණා ගෙනහැර දක්වන්න පුළුවන්. මේ පිළිබඳව වැඩිපුර දැනගැනීම සඳහා මෙම article එක මෙතනින් කියවන්න.
දැන් ඔබට online marketplaces පිළිබඳව තරමකට දැනුමක් ලැබී ඇතැයි මම සිතනවා. මීළඟට ඔබ දන ගත යුත්තේ සුදුසු marketplaces වල signup වූ පසු 3D Models publish කල යුතු ආකාරය පිළිබඳවයි. ඒ පිලිබඳ වැඩිපුර දැන ගැනීම සඳහා මෙම article එකේ මීළඟ කොටස මෙතනින් කියවන්න.
Comments
Post a Comment