3D Model එකක් publish කිරීමට පෙර කල යුතු දේවල්
මීට පෙර මම publish කරපු ලිපියේ මම කියා තිබුනා 3D Models අන්තර්ජාලයේ කොහොමද විකුන්නන්නේ කියලා සහ marketplaces තෝරාගන්නා අයුරු. එය ඔබ කියවා නැත්නම් මෙතනින් ගොස් එම ලිපිය කියවන්න. කිසිම විටෙකත් 3D Models විකිණිය යුතු නැති marketplaces ගැන දැනගන්න මෙම ලිපිය කියවන්න. දැන් අපි බලමු 3D Model එකක් publish කරන්න පෙර කල යුතු දේවල් කිහිපයක්.
ඇත්තෙන්ම මෙම කරුණු කාරනා ගොඩක් දෙනෙක් විසින් බොහෝ වෙලාවට මගහරිනවා. මේ පිලිබඳ හරිහැටි දැනීමක් නොමැතිව 3D Model එකක් publish කිරීමෙන් වැඩි විකිණුම් ප්‍රමාණයක් බලාපොරොත්තු විය නොහැකි බව මාගේ හැඟීමයි.
තවද නිර්මාණයෙන් පසුව ඔබේ 3D Model එක පිරිසිදු (cleanup) කල යුතු වෙනවා. මෙම cleanup කිරීම ඔබ භාවිතා කරන මෘදුකාංගය අනුව වෙනස් වූවත් isolated vertices, edges with no faces වැනි දේවල් අනිවාර්යයෙන්ම delete කල යුතු වෙනවා. ඔබට මේ පිළිබඳව දැනීමක් නැත්නම් කල යුතු හොඳම දේ youtube හි tutorial එකක් බැලීමයි.
මෙලස publish කිරීමේදී එක් එක් මෘදුකාංගය තුල ඔබේ 3D Model එක ක්‍රමානුකුලව එම මෘදුකාංගයට ගැලපෙන අයුරින් සකස් කල යුතු වෙනවා.
මෙම මෘදුකාංග තුල ඔබේ 3D Model එක ක්‍රමානුකුලව පිහිටනවාද, Render වෙනවාද යන්න වග publish කිරීමට පෙර නැවත වරක් පරික්ෂා කර බැලීමෙන් customers ලා පත්වන අපහසුතා සහ refund කිරීම් මගහරවා ගන්න පුළුවන්.
තවද 3D Model එකේ සෑම අංගයක්ම පෙනෙන අයුරින් විවිධ කෝණ වලින් rendered images publish කල යුතු වේ.
මීළඟ කරුණ වන්නේ ඔබේ 3D Model එකේ wireframe render එකක් publish කිරීමයි. එවිට Object හි vertices, edges සහ faces පිහිටා තිබෙන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ගැනුම්කරුවන්ට ලබා ගත හැකි වේ.
අවසන් කරුණ වන්නේ ඔබේ 3D Model එක unwrap සහ texture කර තිබේ නම් UV සහ textures වල preview images කිහිපයක් publish කිරීමයි. මෙය ඉතාමත් වැදගත් වන අතර, UV unwrap කර තිබෙන ආකාරය අනුව එය ගැනුම්කරුවන්ට අවශ්‍ය අයුරින් නැවත modify කර texture කිරීමට පහසුද නැද්ද යන වග තීරණය කරන්න පුළුවන්.
ඔබේ 3D Model හි කුමන වර්ගයේ textures (texture types) අඩංගු වේදැයි සඳහන් කල යුතු වන්නේ එමගින් ගැනුම්කරුට texturing සහ material workflow පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමටය.
උදා :- Base Color, Metallic, Normal, Roughness
දැන් ඔබට 3D Model එකක් publish කිරීමට පෙර කලයුතු දේවල් පිළිබඳව යම් වැටහීමක් ලැබී ඇතැයි සිතමි. අවසන් වශයෙන් කිව යුත්තේ සමහර ගැනුම්කරුවන් ඉතාමත් වංචනික ලෙස ක්‍රියා කර 3D Model එක මිලදී ගත් පසුව එය නිවැරදි ආකාරයෙන් නැතැයි පවසා refund එක ඉල්ලා සිටිය හැකි බවය. එනිසා ඔබ preview images රූප render කිරීමට යොදා ගත් file එකද upload කිරීමට අමතක නොකරන්න. මෙවිට refund කිරීම් බොහෝ දුරට මග හරවා ගත හැක.
ඇත්තෙන්ම මෙම කරුණු කාරනා ගොඩක් දෙනෙක් විසින් බොහෝ වෙලාවට මගහරිනවා. මේ පිලිබඳ හරිහැටි දැනීමක් නොමැතිව 3D Model එකක් publish කිරීමෙන් වැඩි විකිණුම් ප්‍රමාණයක් බලාපොරොත්තු විය නොහැකි බව මාගේ හැඟීමයි.
පළමුව quality සහ දෙවනුව quantity එක
ඔබ 3D Model එකක් නිර්මාණය කිරීමේදී සහ publish කිරීමේදී පළමු තැන දිය යුත්තේ එහි උසස් භාවයට නැත්නම් quality එකට. 3D Model එක නිර්මාණයේදී එහි නියමිත හැඩයට, quads/tris/ngons සුදුසු ආකාරයට භාවිතා කිරීම, Shaders/Materials සහ Renderings වලට විශේෂ තැනක් දිය යුතු වෙනවා.තවද නිර්මාණයෙන් පසුව ඔබේ 3D Model එක පිරිසිදු (cleanup) කල යුතු වෙනවා. මෙම cleanup කිරීම ඔබ භාවිතා කරන මෘදුකාංගය අනුව වෙනස් වූවත් isolated vertices, edges with no faces වැනි දේවල් අනිවාර්යයෙන්ම delete කල යුතු වෙනවා. ඔබට මේ පිළිබඳව දැනීමක් නැත්නම් කල යුතු හොඳම දේ youtube හි tutorial එකක් බැලීමයි.
බොහෝ file formats ප්‍රමාණයකින් publish කිරීම.
එක file format එකකින් පමණක් publish නොකර max (3DS Max), mb/ma (Maya), blend (Blender), c4d(Cinema 4D) වැනි බොහෝ file format ප්‍රමාණයකින් publish කිරීම හොඳය. තවද customers ලට ඔවුන් භාවිතා කරන මෘදුකාංගයට import කර ගැනීමට පහසු වන අන්දමට fbx සහ obj වැනි exchanging file format වලින්ද publish කිරීම සුදුසුය.මෙලස publish කිරීමේදී එක් එක් මෘදුකාංගය තුල ඔබේ 3D Model එක ක්‍රමානුකුලව එම මෘදුකාංගයට ගැලපෙන අයුරින් සකස් කල යුතු වෙනවා.
මෙම මෘදුකාංග තුල ඔබේ 3D Model එක ක්‍රමානුකුලව පිහිටනවාද, Render වෙනවාද යන්න වග publish කිරීමට පෙර නැවත වරක් පරික්ෂා කර බැලීමෙන් customers ලා පත්වන අපහසුතා සහ refund කිරීම් මගහරවා ගන්න පුළුවන්.
විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කිරීම (presentation)
මෙය ඉතාමත් වැදගත් කරුණක්. ඔබ විශිෂ්ඨ ආකාරයෙන් 3D Model එක නිර්මාණය කලත් එය ඔබ publish කරන වෙබ් අඩවියේ හොඳින් ඉදිරිපත් කල නොතිබුනේ නම් එයින් වැඩි විකිණුම් ප්‍රමාණයක් බලාපොරොත්තු විය නොහැක. වඩා හොඳ වන්නේ සුදු හෝ අළු පැහැති පසුබිමක් (background) සහිතව high resolution එකකින් ඔබේ 3D Model එක render කර තිබීමයි. resolution එක marketplace එකට අනුව වෙනස් වූවත් අඩුම තරමේ 1280x720 resolution එකෙන් වත් render කර තිබිය යුතුය.තවද 3D Model එකේ සෑම අංගයක්ම පෙනෙන අයුරින් විවිධ කෝණ වලින් rendered images publish කල යුතු වේ.
මීළඟ කරුණ වන්නේ ඔබේ 3D Model එකේ wireframe render එකක් publish කිරීමයි. එවිට Object හි vertices, edges සහ faces පිහිටා තිබෙන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ගැනුම්කරුවන්ට ලබා ගත හැකි වේ.
අවසන් කරුණ වන්නේ ඔබේ 3D Model එක unwrap සහ texture කර තිබේ නම් UV සහ textures වල preview images කිහිපයක් publish කිරීමයි. මෙය ඉතාමත් වැදගත් වන අතර, UV unwrap කර තිබෙන ආකාරය අනුව එය ගැනුම්කරුවන්ට අවශ්‍ය අයුරින් නැවත modify කර texture කිරීමට පහසුද නැද්ද යන වග තීරණය කරන්න පුළුවන්.
විස්තර නිවැරදි ලෙස ඉදිරිපත් කර තිබීම
ඔබේ 3D Model එකේ විස්තර එහෙමත් නැත්නම් details නිවැරදි ලෙස ඉදිරිපත් කර තිබිය යුතුවේ. polygons(faces), vertices සහ ngons අඩංගු වේනම් ngons ගණනද නිවැරදිව ඉදිරිපත් කල යුතුය. තවද 3D Model වඩා සුදුසු වන්නේ high resolution film වලටද නැත්නම් realtime/game වලටද යන්න සඳහන් කල යුතුය.ඔබේ 3D Model හි කුමන වර්ගයේ textures (texture types) අඩංගු වේදැයි සඳහන් කල යුතු වන්නේ එමගින් ගැනුම්කරුට texturing සහ material workflow පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමටය.
උදා :- Base Color, Metallic, Normal, Roughness
සුදුසු ආකාරයෙන් package කර upload කිරීම
එක් එක් file format වෙන වෙනම folders තුලට දමා .zip format එකෙන් publish කිරීමෙන් file size අඩු වෙනවා පමණක් නොව ගැනුම්කරුට පහසුවෙන් download කර extract කරගත හැකි වේ. File upload කරන ආකාරය පිළිබඳව බොහෝ marketplaces වල විස්තර කර ඇති නිසා ඒ පිළිබඳව වැඩි යමක් මම මෙම ලිපියේ සඳහන් නොකරමි.දැන් ඔබට 3D Model එකක් publish කිරීමට පෙර කලයුතු දේවල් පිළිබඳව යම් වැටහීමක් ලැබී ඇතැයි සිතමි. අවසන් වශයෙන් කිව යුත්තේ සමහර ගැනුම්කරුවන් ඉතාමත් වංචනික ලෙස ක්‍රියා කර 3D Model එක මිලදී ගත් පසුව එය නිවැරදි ආකාරයෙන් නැතැයි පවසා refund එක ඉල්ලා සිටිය හැකි බවය. එනිසා ඔබ preview images රූප render කිරීමට යොදා ගත් file එකද upload කිරීමට අමතක නොකරන්න. මෙවිට refund කිරීම් බොහෝ දුරට මග හරවා ගත හැක.
Comments
Post a Comment